සරත්ට විරුද්දව මන්ත්‍රීන් 32ක ගෙන් දිවුරුම් පෙත්සම්

සරත්ට විරුද්දව මන්ත්‍රීන් 32ක ගෙන් දිවුරුම් පෙත්සම්

සභාවේ මන්ත්‍රීන් 58 දෙනාගෙන් 32 දෙනෙකු විසින් අද (12) පෙරවරුවේ ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මහත්මිය වෙත දිවුරුම් ප්‍රකාශ බාරදී ඉල්ලා සිටියේ, මධ්‍යම මහඇමති තනතුරින් සරත් ඒකනායක මහතා ඉවත් කර ඒ වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාට එම තනතුර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

අද (12) පෙරවරුවේ ආණ්ඩුකාරවරියගේ කාර්යාලයට පැමිණි තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා, විපක්ෂනායක රංජිත් අලුවිහාරේ ඇතුළු මන්ත්‍රීන් පිරිසක් එම දිවුරුම් ප්‍රකාශ බාරදෙන ලදී.

ආණ්ඩුකාරවරිය මෙම ඉල්ලීම සලකා නිවැරදි තීන්දුවක් ගත යුතු බවය, අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය. තවද තමාට පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීන් 15 දෙනෙකුගේ සහය ඇති බවද ඔහු එහිදී පැවසීය.

තවද පසුගිය වතාවෙත් මෙවැනිම දිවුරුම් පෙත්සමක් ලබාදුන් බවත්, එම පෙත්සම සම්බන්ධයෙන් පියවරක් ගැනීමට නොහැකි වූයේ එවකට ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා තනතුරින් ඉවත් කිරීම නිසා යැයිද හෙතෙම කියා සිටියේය.

මේ අතර තමන් මහඇමති තනතුරින් ඉවත් කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහැඅමති සරත් ඒකනායක මහතා මහනුවර මහාධිකරණයෙන් කළ ඉල්ලීමට ද මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැති පැවසේ.

Share this: