සරණාගතයින් 4ක් නිදහස්

සරණාගතයින් 4ක් නිදහස්

ඊයේ(18) ඉන්දියාවේ තිරුචි හි පිහිටි විශේෂ සිරමැදිරියක රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් සිව්දෙනෙකු නිදහස් කර තිබේ.

තවද, ඉන්දීය මධ්‍යම රජය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම සරණාගතයින් නිදහස් කර ඇති බව සඳහන්ය.

අදාළ සිරමැදිරිය තුළ සරණාගතයින් 19 දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු මෙලෙස නිදහස් කර තිබෙන බව ඉන්දීය වාර්තා සදහන් කරයි.

නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මෙම සරණාගතයින් තිරුචිහි පිහිටි විශේෂ සිරමැදිරියක් තුළ රඳවා තබා තිබිණ.

Share this: