2019 පළමු අර්ධ වාර්ෂිකය සඳහා සම්පත් බැංකුවේ ශුද්ධ පොළි ආදායම, 2018 පලමු වාර්ෂිකය සඳහා වාර්තා කළ අගයට සාපේක්ෂව 12.2% ක වර්ධනයක් සහිතව රු. බිලියන 19.8 අගයක් වාර්තා කරන ලදී.
එය කාලපරිච්ෙඡ්දය පුරා දක්නට ලැබුණු අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ සැලකියයුතු ප‍්‍රතිඵලයක් විය.
කාල පරිච්ෙඡ්දය සඳහා බදු හා අපහායන වෙන් කිරීම් වලට පෙර මෙහෙයුම් ලාභය, 2018 වර්ෂයේ අනුරූප කාල පරිච්ෙඡ්දයට වඩා 4.6% කින් වර්ධනය විය. එසේ වුවද, බදු පෙර ලාභය 33.7% ක අඩු වීමක් වාර්තා කරන ලදී. කාල පරිච්ෙඡ්දය තුල වාර්තා වූ ඉහළ ”අක‍්‍රීය ණය”, අපහායන වියදම් ඉහළ යාමට හේතුවන ලදී. ඒ අතර පොළි අනුපාත විචලනයන්, ව්‍යවහාර මුදලෙහි අවිනිශ්චිතතාවයන් හා ණය ආපසු ගෙවීමේ බද්ද ඇතුළු ඉහල බදු වියදම් බැංකුවේ ලාභ වර්ධනය සීමා වීමට බලපෑ හේතු විය. සාර්ව ආර්ථික පසුබෑම හා පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග ආර්ථිකයේ ප‍්‍රධාන අංශ රැුසක් අඩපණ වීමද ලාභ වර්ධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරන ලදී.
බැංකුව රු. බිලියන 5.8 ක් වූ බදු පෙර ලාභයක් හා (PBT) රු. බිලියන 4.1 ක් වූ බදු පසු ලාභයක් (PAT) වාර්තා කරන ලදී. එමෙන්ම, සම්පත් බැංකු සමූහය විසින් බදු පෙර ලාභය හා බදු පසු ලාභය පිළිවෙලින් රු.බිලියන 5.9 හා රු.බිලියන 4.2 වාර්තා කරන ලදී.