සමගි ජන බලවේගය රාජිතගෙන් කරපු ඉල්ලීම

සමගි ජන බලවේගය රාජිතගෙන් කරපු ඉල්ලීම

වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට සහය පළ කරන බවට මාධ්‍යවල පළ වූ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, තමන් වත්මන් ආණ්ඩුවට එක්වන බවට පළ වූ සියලු මාධ්‍ය වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප කරන බව SJB ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදුනහොත් භාරගැනීමට තමන් සූදානම් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න පසුගියදා සිදුකළ බව පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සොයා බැලීමට SJB කමිටුවක් පත් කළේය.

Share this: