සභාපති පුටුව සුගත්ට හිමිවේ

සභාපති පුටුව සුගත්ට හිමිවේ

හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට තේරී පත්ව තිබේ.

අද ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදී ඔහුට මෙම අවස්ථාව උදවිය.

නිලවරණය සදහා තරග වැදුනේ සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතාය.

නිලවරණයේදී උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24ක් ලැබුණු අතර, සුගත් තිලකරත්න මහතා ඡන්ද 83 ක් ලබාගෙන, එම දුරයට තේරීපත්විය.

ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.

Share this: