සභාපතිවරු මන්ති‍්‍රවරු කොන්ත‍්‍රාත්කාරයෝ වෙලා

සභාපතිවරු මන්ති‍්‍රවරු කොන්ත‍්‍රාත්කාරයෝ වෙලා

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ, නිල කාලය අවසන් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන්න ඉල්ලීම් කරන්නේ හොරකම් කර මුදල් හම්බ කළ අය බවයි.

ඊයේ (17) ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඇය මේ බව පැවසුවේය.

එසේම මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ ප‍්‍රාදේශීය සභා ගණනාවකට බලය තිබුණ සභාපතිවරු මන්ති‍්‍රවරු කොන්ත‍්‍රාත්කාරයෝ වෙලා හිටිය බවයි.

තවදුරටත් අමාත්‍යවරිය පැවසුයේ, බලය තියෙනකොට ඒ අය ගම ගැන බැලූවේ නැති බවත් දැන් බලය නැතිවෙන කොට මේ අයට ජීවත්වෙන්න ක‍්‍රමයක් නොමැතිව ඇති බවයි.

ඒ නිසා අපේ පක්‍ෂයේ අයත් දැනගන්න ඕනේ බලය ලැබෙනකොට වැඩ කරන හැටි. ඒ අයටත් මේ දේවල් වලින් හොඳ පාඩම් ඉගෙන ගන්න තියෙන බවද එතුමිය වැඩිදුරටත් පැවසිය.

Share this: