අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙන්නේ, උතුරු මැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර මහතාට ඇප ලබා නොදිමටයි.
තවද මෙම ඇප ලබාදිම ප්‍රතික්ෂේප උයේ හත්වන වතාවටයි.
උතුරු මැද පළාත් සභා නායකවරයා පසුගිය ජුනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත්තේ, පළාත් සභා විමධ්‍යගත අරමුදල් යොදා දිළිදු ජනතාවට සෙවිලි තහඩු බෙදාදීමේ දී රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහණය කළ බවට චෝදනා ලබමින්ය.
සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතීඥයින් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා සැකකරු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමකළේය.
ඇප ලබාදීම සම්බන්ධයෙන් එදිනට සලකා බලන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.