සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට පසුගියදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට අනුව නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වූ අත්අඩංගුවට ගත් තරුණයින් පෙබරවාරි 15 වන දින විශ්ව විද්‍යාලයේ එක් නේවාසිකාගාරයකට බලහත්කාරයෙන් ඇතුළු වී පළමු වසරේ සිසුන් පිරිසකට පහර දී ඇත.
වයස අවුරුදු 23 ත් 25 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මාර්තු 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඉදිරි විමර්ශන සඳහා බලංගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
Share this: