සන්ධාන ජාතික ලැයිස්තුව නීති විරෝදී – ඩිව් උසාවි යයි

සන්ධාන ජාතික ලැයිස්තුව නීති විරෝදී – ඩිව් උසාවි යයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පත්වීම් අහෝසි කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව්.ගුණසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

තවද මෙමෙ පෙත්සමෙන් මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු 44 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඒ අනුව පෙත්සම්කරු පවසන්නේ පරාජිත අපේක්ෂකයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නීතියට පටහැණි බවයි.

එමෙන්ම එය ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන්නක් බව පෙන්වා දෙන ඩිව්.ගුණසේකර මහතා එම පත්කිරීම් බලරහිත කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් සදහන් කර ඇත.

Share this: