සන්ධාන ගහන්න කලින් එජාප අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්න; සජිත්ගෙන් නිවේදනයක්‌

සන්ධාන ගහන්න කලින් එජාප අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්න; සජිත්ගෙන් නිවේදනයක්‌

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයට පෙර එජාපය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා නම් කළ යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බැව් සඳහන් කරන ඒ මහතා එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක්‌ හැකි ඉක්‌මනින් පිහිටුවිය යුතු බවට මා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවට පුවත්පත්වල පළ වී තිබේ. එවැනි සන්ධානයක්‌ පිහිටුවීමට මා සියයට සියයක්‌ නොව සියයට ලක්‍ෂ වාරයක්‌ එකඟය. එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතු වීමට කැමැත්ත පළකර ඇති ප්‍රබල පක්‍ෂ බහුතරය ද දරන ස්‌ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමෙන් පසුවය. මා පෞද්ගලිකවම දරන මතය ද එයයි. එසේ කළහොත් පමණක්‌ යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක්‌ නොව ඊට තවත් පක්‍ෂ සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක්‌ එකතු වී එය ජයග්‍රාහී සන්ධානයක්‌ බවට පත්වනු නොඅනුමානය. අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කිරීම නොව පළමුව ජනාධිපති අපේක්‍ෂකයකු නම් කර ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසු සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීමයි.

Share this: