සන්ධානය තවමත් තියෙනවා – හිටපු ඇමති සුසිල්

සන්ධානය තවමත් තියෙනවා – හිටපු ඇමති සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට කරුණු 10ක ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බවත්, එම ආචාර ධර්ම පද්ධතිය ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුමත කර ගැනීමට බලාපොරොත්තු වන බවත්  එහි ජාතික සංවිධායක හිටපු ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත  මහතා අද (04) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සිදුවූ එකම වෙනස සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත්වීම බවත්,  පක්ෂය දිගටම පවතින  බවත්, එහි වෙනසක් නැති බවත්, ඔහු කියා සිටියේයය.

තවද මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කළද එජාපය ජයග්‍රහණය කර නැති බවත්, එජාපය එය ටමන්ගේ  ජයග්‍රහණයක් ලෙස සිතා සිටින  බවත්, එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

අපි පක්ෂයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන්නේ දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමට සහ  විශේෂයෙන් විධායක ජනපති ධූරය සම්බන්ධව හා ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කර ගැනීමට බවත්, ඔව්හු  කියා සිටියේය.

මන්ත්‍රීවරයා අවධාරණය කළේය පාර්ලිමේන්තුවටත් වඩා ඉහළ ජාතික විධායක සභාවක් දැන් ක්‍රියාත්මක වන බවත්,  මිනිස්සු ඡන්දය දුන්නේ ජනාධිපතිවරයා පත් කිරීමට මිස විධායක සභාවක් පත් කිරීමට නොවන බවත්ය.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පවත්වන බවට වත්මන් රජය කර ඇති ප්‍රකාශ පිළිගත නොහැකි බවද, එවැනි පරීක්ෂණයක් පවත්වන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවද ඒ මහතා පැවසීය.

තවද මන්ත්‍රීවරයා කියා සිටියේය, ඉල්ලීම් දිනා ගැනීම සඳහා සිදුකරන වෘත්තීය අරගල වලට බාධා පැමිණ ඇති බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිවලට සිදුකරන බලපෑම් වලට විෂයබාර ඇමතිලා වගකීම බාරගත යුතු බවත්

ජෝන් අමරතුංග මහතාට එරෙහි විශ්වාසභංගය ප්‍රමාදවීම ගැන මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පැවසුවේ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවයි.

එසේම මහනුවරදී පැවැත්වීමට නියමිත රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ජන නියෝජිතයින් සහභාගි වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි ඇසූවිට හිටපු ඇමතිවරයා කියා සිටියේ “ඒක ඉස්සරහට බලමු” යනාදි වශයෙනි.

Share this: