සනත් නිශාන්තට එරෙහිව අධිකරණයෙන් තවත් නියෝගයක්!

සනත් නිශාන්තට එරෙහිව අධිකරණයෙන් තවත් නියෝගයක්!

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් තුනක විභාගය ජුනි මස 27 වනදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

නීතීඥ ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන මහත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කර තිබූ මෙම පැමිණිලි තුන අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අදාළ අපහාසාත්මක ප්‍රකාශය දැක්වෙන අදාළ වීඩියෝ පටයේ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවයි.

Share this: