සදකඩ පහණ මහරගමදි

සදකඩ පහණ මහරගමදි

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රෙය් නොමැකෙන සලකුණක් සනිටුහන් කල සුවිශේෂි ගාන්ධර්වයෙකු වන සුනිල් එදිරිසිංහ මහතාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් මහරගම ජාතික තරැණ සේවා සභා ශ්‍රවණාගාරයේදි ජූලි 19 දින සවස 6.30 පැවැත්වේ. 2015 වර්ෂයේ මහරගම පැවැත්වෙන ප්‍රථම ප්‍රසංගය වන්නේද මෙම ප්‍රසංගයයි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයෙන් ආධුනික ගායක ශිල්පියෙකු ලෙස තම ප්‍රතිභාව සිංහල සිනමාවට ලබා දෙමින් වොලි නානායක්කාර මහතා පද රචනය කළ, වික්ටර් රත්නායක මහතා සංගීත නිර්මාණය කළ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතය ගායනා කරමින් මේ දක්වා දශක හතරක් පැමිණි සංගීත දිවියේ තම ඒක පුද්ගල ප්‍රසංගයටද නම තැබුවේ එම ප්‍රථම ගීතයේ මුල් පද පේළියයි.

වර්තමාන ඝෝෂාකාරි සංගීතයෙන් මිදි සුභාවිත සංගීතයට ඇලුම් කරන රසික රසිකාවියන්ට මෙය තම විවේකි සති අන්තය අර්ථවත් ලෙස ගත කිරීමට මහගු අවස්ථාවකි.

ටිකට් එදින දොරටුවෙන් මෙන්ම, සරසවි පොත්හල්, සැම්ස් පාමසි,සලාකා – ඇස්වාට්ටුව, සදීපා බොරැල්ල,සසිරි පොත්හල – මහරගම

Share this: