හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සාවද්‍ය පරිහරණ නඩුවේ විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මැයි 19 වැනිදා නියෝග කළා.
ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සමූපකාර තොග වෙළෙඳ ආයතනයේ (CWE/ලංකා සතොස) සේවකයන් දේශපාලන කටයුතුවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට මෙම තිදෙනාට චෝදනා එල්ල වී තිබේ.
2010 සිට 2014 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් ලංකා සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගත් බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෂකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.
මෙම නඩුව 19 වැනිදා පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් මූලික විරෝධතා ඉදිරිපත් කළේ අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.
මෙම මූලික විරෝධතාව පිළිගනිමින් විත්තිකරුවන් තිදෙනා නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.