ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල පහළ දැමීම ඊයේ(19) සිට ක්‍රියාත්මක බව එහි ප්‍රධාන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඒ අනුව කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30, සුදු ලූණු කිලෝවක් රුපියල් 60, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 55, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50, සුදු සීනි කිලෝවක් රුපියල් 15, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද අඩු කළ බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
Share this: