සතොසේ ගණන් අඩු වූ අත්‍යාවශ්‍ය ආහාර

සතොසේ ගණන් අඩු වූ අත්‍යාවශ්‍ය ආහාර

ලංකා සතොස පසුගිය සතියේ මිල අඩු කළ ආහාර ද්‍රව්‍ය 12 ට අමතරව තවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල අඩු කර තිබේ.

ඒ අනුව ඊයේ (අප්‍රේල් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ටින්මාළු, ලොකු ළූණු සහ තිරිඟු පිටි මිල ගණන් පහත දමා ඇත.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබාදීමේ අරමුණින් අදාළ මිල සංශෝධන සිදු කර ඇති බව ලංකා සතොස පවසයි.

Share this: