පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගෙන්, මූල්‍ය වංචා කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටින බවයි.
අද උදෑසන 9 යේ, සිට මූල්‍ය වංචා කොට්ඨාසය, ඔව්හුගෙන් ප්‍රකාශ ලබාගන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසිං සමාගමෙන් වාහන 33ක් ලබා ගැනීම සඳහා රාජ්‍ය මුදල් අක්‍රමිකතාවයක් සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.
පසුගිය දවසකද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.
Share this: