සජින් වාස් යළි රිමාන්ඩ්

සජින් වාස් යළි රිමාන්ඩ්

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා ජාතික සවිය වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් සුගත් අබේසිංහ ලබන මස 7 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් අව භාවිත කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදී වාස් ගුණවර්ධන මහතා භාවිත කළ බව කියන දැනට අතුරුදන් වාහන 2ක් පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර එම නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ වාහන 2ක පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.

Share this: