සජින් වාස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

සජින් වාස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

අද (18) පෙරවරු 9 ට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා කැදවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මහජන බැංකුවට අනුබද්ධ පීපිල්ස් ලීසිං සමාගමට වාහන 33 ක් ලබා ගැනීමේදී සිදුව ඇති රාජ්‍ය මුදල් අක්‍රමිකතා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කිරීම් සදහා ගුණවර්ධන මහතා කැදවා ඇති බව එම මාධ්‍ය ඒකකය පැවසුවේය.

තවද, ඊයේ (17) දිනයේදී පීපල්ස් ලීසිං සමාගමේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු අධ්‍යක‍්ෂකවරයෙක් වන පියදාස කුඩාබාලගේ මහතාගෙන්ද මහා පරිමාන මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ප්‍රශ්ණ කර තිබේ.

Share this: