සජින්වාස් සමග තවත් 9 දෙනෙකුගේ වත්කම් බැරකම් සොයයි

සජින්වාස් සමග තවත් 9 දෙනෙකුගේ වත්කම් බැරකම් සොයයි

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන්දු වික්‍රම, හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා ඔවුන්ගේ ඥාතීන් හය දෙනකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණය ඊයේ (20) අවසර ලබාදුන්නේය.

ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයත 81කින් විස්තර ලබා ගැනීමට කොළඹ රහස් පොලිසියට අවසරලබා දුන්නේ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශණ සම්බන්ධයෙන්වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවකදීය.

බැංකු මූල්‍ය ආයතන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවලින් ද අදාල විස්තර ලබා ගත යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඉල්ලාසිටියේය. අධිකරණයෙන් අදාළ ආයතන 81ට ඒ සඳහා නියෝග නිකුත් කෙරිණි.

Share this: