විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ රංජිත් මද්දුම බණ්ඩාරගේ SJB පක්ෂ සාමාජිකත්වය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් කරන ලද ඉල්ලීමකට කොළඹ දිසා අධිකරණය ඊයේ (මාර්තු 31) අවසර ලබා දුන්නේය.
ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති සමගි ජන බලවේගයේ (SJB) නායකයාට සහ ප්‍රධාන ලේකම්වරයාට සිය විරෝධතා ගොනු කිරීමට මැයි මාසය දක්වා කල් ලබාදී තිබේ.
මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී SJB නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා සිය විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් විරෝධතා ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට මැයි 22 වැනිදා විරෝධතා ගොනු කරන ලෙස නියෝග කළේය.
Share this: