ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතා රැළියට එල්ල වූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියාය.
කිසිදු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සම්පූර්ණයෙන් නිවැරදි නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක විරුද්ධ මතවාද ඉවසිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
Share this: