සජිත් ප්‍රේමදාසගෙන් නව සන්ධානයක්

සජිත් ප්‍රේමදාසගෙන් නව සන්ධානයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ අප්‍රේල් 24 වැනිදා පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල් 24 පැවති සාකච්ඡාවට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සහභාගී වූ බවයි.

“ඉදිරි මර්දන පනත්වලට එරෙහිව වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට සාකච්ඡාවේදී එකඟ විය.”

“අද අපි සාකච්ඡා කළා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ සන්ධානයක් හදන්න. විපක්ෂයේ සිටින සියලුම දේශපාලන පක්ෂ නායකයින් ඒ සඳහා සියයට සියයක් එකඟතාව පළ කළා…” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ඉවත් වූ කිහිප දෙනෙකු ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

Share this: