සජබේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා

සජබේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා

සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මැයි 16 වැනිදා පැවති SJB කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී ඒකමතිකව අනුමත කරන ලදී.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 16 වැනිදා සවස මෙම හමුව පැවැත්වුණේ, මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය පළ කරන බවට SJB උප සභාපති පී.හැරිසන් පසුගියදා කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සහ පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ඇතුළු අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් සමඟයි.

Share this: