සමගි ජන බලවේගය (SJB) පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව නව පත්වීම් දෙකක් සිදු කර ඇත.
මැයි 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් SJB කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව SJB හි උප භාණ්ඩාගාරිකවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත්කර ඇත.
මීට අමතරව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධූරයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි රාජකරුණා සහ රහමන් යන මහත්වරුන්ට ප්‍රදානය කිරීම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.
Share this: