සමගි ජන බලවේගය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම මැයි මස 08 වනදා විභාගයට ගැනීමට නියමිතයි.
මෙම නඩුව මැයි 02 වැනිදා පෙරවරුවේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචලා වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම් විභාගයට දින තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට සහය දීම හේතුවෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන බවට රාජ්‍ය අමාත්‍යවරිය සිය පෙත්සමෙන් චෝදනා කළාය.
දේශපාලන පක්ෂය විසින් මීට පෙර කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ විමර්ශනයක් සිදු නොකළ බවත්, එබැවින් SJB විසින් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවත් ස්වභාවික යුක්තිය පිළිබඳ නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Share this: