සක්විතිට එරෙහි නඩුව

සක්විතිට එරෙහි නඩුව

අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් ලබාගත් තැන්පතු මුදල් අවභාවිත කළ බවට සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට එරෙහිව පවරා ඇති නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය මැයි 18 වැනි දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුව ජූලි මස 19 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ද අධිකරණයට පැමිණ සිටියා.

මීට පෙර මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 9 දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබුණා.

Share this: