සංහිඳියාවක් වෙනුවෙන් කැපවෙමු

සංහිඳියාවක් වෙනුවෙන් කැපවෙමු

යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ, මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා අවසන් වුණු පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වු බව සහ
ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බවයි.

තවද, මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුව පිහිටුවා ඇති ආණ්ඩුවට යුරෝපා සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව ඔහු පවසා තිබෙන අතර,
එහිදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාරණා අතර යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම ලෙස ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

Share this: