“සංශෝධනවලින් පසුව ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට” – විජයදාස රාජපක්ෂ

“සංශෝධනවලින් පසුව ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට” – විජයදාස රාජපක්ෂ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් පසුව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ අවශ්‍ය සියලු සංශෝධන සිදු කිරීමෙන් පසුව පමණක් බවත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට තම අදහස් ඉදිරිපත් කළ හැකි බවත්ය.

මෙම අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ පනත් කෙටුම්පතට අදාළ කරුණු සාකච්ඡා කිරීමට හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share this: