සංවර්ධන ලොතරැුයි මණ්ඩල ඉතිහාසයේ බිහිවූ දැවැන්තම කෝටිපති ජයග‍්‍රාහකයාට අගමැති අතින් චෙක්පත ප‍්‍රදානය කෙරේ

සංවර්ධන ලොතරැුයි මණ්ඩල ඉතිහාසයේ බිහිවූ දැවැන්තම කෝටිපති ජයග‍්‍රාහකයාට අගමැති අතින් චෙක්පත ප‍්‍රදානය කෙරේ

එදා මෙදා තුර සංවර්ධන ලොතරැුයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු. 145,029,213ක මුදල පසුගියදා කෝටිපති කප්රුක 153 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර මලංගම ප‍්‍රදේශයේ කුමාර ප‍්‍රියන්ත මහතාට අදාළ චෙක්පත් ප‍්‍රදානය කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

එම ජයග‍්‍රාහී ලොතරැුයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්. ජී. සෝමා ප‍්‍රියන්ති මහත්මිය විසිනි.

තවද සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ පැරණිම ලොතරැුයිපතක් වන ශනිදා වාසනාව ලොතරැුයියේ 3267වන වාරයේ සුපිරි ජයමල්ල වූ

රු.71,705,310 ක මුදල දිනාගත් වාසනාවන්තයා වූ හොරණ ප‍්‍රදේශයේ ඞී. කේ. කුමාර මහතාට අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීමද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදු විය.

එම ජයග‍්‍රාහී ලොතරැුයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී. එන්. එස්. කුමාර මහතායි.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්* විජිතා සෝමරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි* චානක

දොඩන්ගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්* කසුන් ජයසූරිය යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

Share this: