ලක්ෂ 300 බැගින් ඉදිරි මාස කිහිපය ඇතුළත සෑම ආසනයකම සංවර්ධනය සදහා රජය මගින් ලබා දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
පාදුක්ක ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
පසුගිය රජය තුළ හොරකමට, වංචාවට, දුෂණයට හුරු වු පිරිසක් තමයි මේ රටේ තවමත් සිටින බව ද ඔහු පැවසිය.
අල්ලස් දුෂණ කොමිසමේ වසර 05 කින් පැමිණිල්ලක් විභාග වී නොමැති බවත් ඉදිරියේදී ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසිය.
එසේම නීතියට අනුකුලව තම රජය කටයුතු කරන බවත් නිසි ලෙස අදාළ වංචා දුෂණවලට සම්බන්ධ වුවන් අධිකරණය ඉදිරියට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
Share this: