සංජීව සෙනවිරත්න හොරොව්පතාන ආසන සංවිධායක ධුරයට

සංජීව සෙනවිරත්න හොරොව්පතාන ආසන සංවිධායක ධුරයට

නීතිඥ සංජීව සෙනවිරත්න මහතා පසුගිය දින (21) අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ හොරොව්පතාන ආසන සංවිධායකවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම බාරගන්නා ලදී.

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණු ලේකම්ධූරය සහ සභාපතිධූරය වසර 5ක් දැරූ ඔහු අන්තරජාතික තරුණ ප්‍රජාත්‍රාන්තික සංගමයේ ආසියානු කලාපීය විධායක සභිකවරයා ලෙස වසර 2ක් කටයුතු කළේය.

ඊට අමතරව එංගලන්තය ජිබෝල්ටාව, ජර්මනිය, ජපානය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ආදි රටවල් බොහෝ ගණනක දේශපාලන කටයුතු වල නියැලූණු ඒ මහතා යාය 9 විහාර මහා දේවි මහා විද්‍යාලයෙත්, රාජංගනය මහසෙන් මහා විද්‍යාලයේ මෙන්ම නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ සහ රාජාංගනය යාය 5 පර්ෂද මුලස්ථ මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ගම්පහ හේනේගම මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ සංජීව සෙනවිරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකි.

Share this: