ශ්‍රිලංකාවේ නීති රීති සහා කොන්දේසී උල්ලංඝණය කරමින් මෙරට සහ විදේශීය මත්පැන් අලෙවි කළ සංචාරක හෝටලයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ වෙරළ පාරේ හෝටලයක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති.
තවද, අලෙවිය සඳහා සූදානම් කර තිබු මත්පැන් බෝතල් 500කට ආසන්න සංඛ්‍යාවක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සංචාරක හෝටලයේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ 28 හැවිරිදි පුද්ගලයෙකි.
අද (19) ඔහුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: