සංගා සල්ලි වලිනුත් ලැයිස්තු (Rank) ගත වෙයි

සංගා සල්ලි වලිනුත් ලැයිස්තු (Rank) ගත වෙයි

මෙතෙක් වැඩිම ධනයක් ඉපැයූ කි‍්‍රකට් කී‍්‍රඩකයන් දසදෙනාගේ ලැයිස්තුවේ හත්වැනි තැන හිමිකර ගැනීමට ලංකාවේ කුමාර් සංගක්කාර සමත් වී සිටී.මේ බව සදහන් වන්නේ Cricket Follow වෙබ් අඩවිය පසු ගිය අපේ‍්‍රල් මස පලකළ වර්තවකය.

එම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ කි‍්‍රකට් කී‍්‍රඩකයා වන්නේ පසුගිය වසර කිහිපයකදී මෙන්ම ඉන්දියාවේ මහේන්ද්‍ර සිං ද්‍රෝනිය. ඔහු ඉපැයූ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 34.5 කි.

මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් ලැයිස්තුවේ දෙවැනි තැන සිටින අතර ඔහු ඉපැයූ මුදල ඩොලර් මිලියන 29 කි. ආදායම් වාර්තා බිඳහෙළමින් වේගයෙන් ධනවත්ම කී‍්‍රඩකයකු වී සිටින විරාත් කෝලි තුන්වැනි ස්ථානයේත් ඉන්පසු පිළිවෙළින් ඒ.බී. ඩිවිලියර්ස්, කි‍්‍රස් ගේල්, රිකී පොන්ටින් ලැයිස්තුවේ හතර, පහ, හය වැනි ස්ථානවලත් රැුඳී සිටින අතර ඩොලර් මිලියන 10ක් උපයමින් සංගක්කාර ලැයිස්තුවේ හත් වැනි තැනට පත්ව සිටී.

ඔහුට පසුව බ්‍රෙට් ලී, ෂහීඞ් අෆ්රිඞී සහ බ්‍රෙන්ඩම් මැකලම් ලැයිස්තුවේ මුල් දහදෙනා අතර සිටී.
සංගක්කාර ඩොලර් මිලියන 10ක් එනම්, ආසන්න වශයෙන් රුපියල් කෝටි 140 ක් උපයන විට එහි වැඩිම පංගුවක් උපයා ගෙන ඇත්තේ වෙළෙඳ සමාගම් සමඟ භාණ්ඩ අලෙවි ප‍්‍රවර්ධන ගිවිසුම්වලිනි. එම මුදල ඩොලර් මිලියන 8 කි. මෙම ලැයිස්තුවේ සෑම කී‍්‍රඩකයෙක්ම වාගේ තමන් ඉපැයූ මුළු මුදලින් වැඩිම පංගුවක් උපයා ගෙන ඇත්තේ මෙලෙස අලෙවි ප‍්‍රවර්ධන ගිවිසුම්වලිනි.

විස්සයි විස්ස තරග හඳුන්වාදීම, අයි.පී.එල්, බිග්බෑෂ්, කැරිබියන් වැනි මහා කි‍්‍රකට් සැණකෙළි බිහිවීම මහා පරිමාණ සමාගම් මේවාට අනුග‍්‍රහය දක්වමින් කී‍්‍රඩකයන් වෙන්දේසි ලබාගැනීම වැනි මෑතකාලීනව කී‍්‍රඩයන්ගේ ජනපි‍්‍රයතාව ඉහළයාමට හේතු වී ඇත. ලොව වැඩිම ආදායමක් ඉපැයූ මුල් කී‍්‍රඩකයන් තිදෙනාම එනම්, ද්‍රෝනි, තෙන්ඩුල්කාර් සහ කෝලි ඉන්දියානුවන්ය. එසේම ලොව වැඩිම වත්කමක් සහිත වැඩිම ආදායම් ලබන කි‍්‍රකට් පාලක මණ්ඩලය වන්නේ ඉන්දියානු කි‍්‍රකට් පාලක මණ්ඩලයයි.

ලොව විශාලතම කි‍්‍රකට් සැණකෙළිය වන අයි.පී.එල්. පැවැත්වෙන්නේ ඉන්දියාවේදීය. මේ සියල්ලටම හේතුව කි‍්‍රකට් කී‍්‍රඩකයන්ව දෙවියන් සේ අදහන ක්‍රීඩා ලෝලින් පිරිසක් සිටීමය.

Share this: