ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොතට එක්විමට අද (11) සමත්විය. ඒ අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදීයි.
ඉතිහාසයේ සිට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත්ව සිටින කුමාර් සංගක්කාර මෙවර තරඟාවලියේදී අඛණ්ඩව ලබාගත් සිව්වැනි ශතකයද මෙය වෙයි.
මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබා ගැනීමට සංගක්කාර සමත්විය.
Share this: