නාරාහේන්පිට පොලිස් වසමට අයත් ප්‍රදේශයේ නිවසක් තුළ, ශ‍්‍රී ලංකා යුධ හමුදාවට අපහාස වන අයුරින් ඉන්දීය චිත්‍රපටයකට හඬ කවමින් සිටි ස්ථානයක් වැටලූ බව පොලිසිය පවසයි.
මෙම ශබ්ද කැවීම් සිදු කරමින් සිටි අට දෙනෙකුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර එම ස්ථානයේ තිබූ පරිගණක කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැක කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.
මෙම වැටලීම කර අතේ, රජයේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත බවයි තව දුරටත් ඔහු කියා සිටියේ.
තවද ඉන්දීය හමුදාව පෙනී සිටින චිත්‍රපටයකට හඬ කවා ශ්‍රී ලංකා හමුදාව පෙනී සිටින බව පෙන්වීමට උත්සාහ කර ඇති බවට තොරතුරු ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇති චිත්‍රපටය සහ පරිගණක වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද ඔහු කියා සිටියේය.