විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ, ශ‍්‍රී ලංකාව හා කටාර් රජය අතර පවතින අවබෝධතා ගිවිසුම දෙරටටම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට සුදානම් බවයි.
මෙම තීරණයට කැමති වුයේ, පසුගිය 29හා 30යන දෙදින කටාර් රාජ්‍යයේ සංචාරය කළ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ නන්දපාල වික‍්‍රමසූරිය යන මහත්වරුන් කටාර් රාජ්‍යයේ කම්කරු අමාත්‍ය අබ්දුල්ලා සලෙ අල් කුලයිෆි හමු වී පැවැති සාකච්ඡාවේදිය.
එහිදී කටාර් රාජ්‍ය ඉදිරියේදී ශ‍්‍රමිකයෙකු වෙනුවෙන් කටාර් රියාල් 1000-1200ත් අතර අවම වැටුපක් ගෙවීමටද එකග වුනු අතර, දැනට විවිධ ගැටළු මත කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් රඳවා තිබෙන ස්ථාන රාශියක්ම පරීක්‍ෂාවට ලක්කෙරිණි.
තවද, මෙහිදී කාන්තාවන් රඳවා තිබෙව ඔලෙයි කඳවුරද නිරීක්‍ෂණය කළ අතර ඒවායේ ලබාදෙන පහසුකම් පිළිබඳව සතුටුවිය හැකි බවත්, පිරිමි ශ‍්‍රමිකයින් රඳවා තිබෙන ස්ථාන ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවත් සඳහන් කළහ.
එමෙන්ම පිරිමි ශ‍්‍රමිකයින් රඳවා තිබෙන්නේ බහළුම්වල බවත් එහි ඒ අයට අවශ්‍ය කරන සනීපාරක්‍ෂක කටයුතු හා මූලික අවශ්‍යතා කිසිසේත්ම යහපත් මට්ටමක නොමැති බවද දක්නට ලැබිණි.
ඒ අනුව, රඳවා ගෙන සිටින ශ‍්‍රමිකයින් ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් අවශ්‍ය පහසුකම් හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත්, අවශ්‍ය කටයුතු සඳහා කටාර් රජය සමග ගණුදෙනු කර අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස කටාර්හි තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ සිටින කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් දී ඇත.
මේ අතර විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කටාර්හි වර්ෂ 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමාගාමීව මේවන විට විවිධ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන නිසා කම්කරු අංශයේ විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලංකාවට ලබාගත හැකිව පවතින බවයි.
ඒ සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් ශ‍්‍රී ලංකාව තුළ ඉදිරියේදී පුහුණු කිරීමටත් එම රැකියා අවස්ථාවන් සඳහා ඇති ඉඩකඩ පිළිබඳව සොයාබැලීමටත් තමන් විසින් නිළධාරීන්ට උපදෙස් දුන් බවද අමාත්‍යවරිය සඳහන් කළාය.