බිනර මහේ අගවන විට පීඩිත ජනතාව ඉන් අත්මීදීමට ශුභවාදී අවස්ථාවක් උදාවන බව කල්තියා කියූ අනාවැකිය සඵල වේ.
ශ‍්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මස 16 වන දාට නම්කර ඇත. බොහෝ දෙනෙක් මේ පිළිබඳ ඇස් දල්වාගෙන බලා සිටිනුයේ කුමක් සිදුවන්නේ ද යන්න සිතා ගත නොහැකි මට්ටමකිනි. නමුත් තරු මඬලේ අපි මෙවන් තත්ත්වයන් සම්බන්ධව කල් තියා පාඨක ඔබව දැනුවත් කර ඇත. එනම් සැප්තැම්බර් මස අග වන විට දේශපාලනයෙන් ආර්ථිකයෙන් සමාජ සාධාරණත්වයෙන් පීඩිත ජනතාවට ඉන් මිදීමට අවස්ථාවක් ලැබෙන බව තරු මඩල අපි 2019 ජුනි මස 20 දින කලාපයෙන් ඔබ දැනුවත් කළා. එසේම මෙම කාලගුණ දේශගුණ තත්ත්වයන් ගුවන් සම්බන්ධ අනතුරු අගොස්තු මස 27-30 අතර සිදු වු මාරක රිය අනතුරු සම්බන්ධ ඔබව ජාතික කර්ත්‍යවක් ලෙස අපි දැන්වත් කරන ලදී. එපමණක් නොවේ මෙම මස සැප්තැම්බර් 28 සිට ඔක්තොම්බර් මස 02 දක්වා ද ඉතාම ප‍්‍රවේශමෙන් කටුයුතු කළ යුතුයි. මන්දයත් මෙම කාලසීමාව රටට යහපත් නොවේ. තවද මා විශ්වාසකරන අන්දමට ජයග‍්‍රහණය කරණ පක්ෂය හෝ අපෙක්ෂකයා සම්බන්ධව වැටහීමක් ඔබට අද ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. තවද පාලන තන්ත‍්‍රයේ වෙනසක් සිදුවීමත් මෙම මැතිවරණයට සටන් වදිනුයේ පෙර තරඟ කළ අය නොව නවක මුහුණු බවත් අපි ඔබව දැනුවත් කළා. දැනට තරග වැදීමට සිටින මුහුණු අපි දන්නා තරමින් ප‍්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත් වී සිටින්නේ පළමු වතාවට ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වේ. එසේනම් තරුමඬල අපි සමඟ අත්වැල් බැඳගත් අයට සාමාන්‍ය ජ්‍යොතිෂ්‍ය පමණක් නොව ශ‍්‍රී ලංකික දේශපාලය රටට සිදුවීමට යන සියලූ අංශ සම්බන්ධයෙන් අපි අවධානයෙන් සිටින්නේමු. අපි දැන් දිනන්නේ කවුරුන්ද යන්න පසක තබා මේ මැතිවරණ වල බල පෙරළි ඇති කළ ග‍්‍රහ පෙරළි කුමක්දැයි සොයා බලමු.
ශ‍්‍රී ලාංකික දේශපාලනය තුළ හුදෙක් අවස්ථාවන්හිදී සිදුවී ඇත්තේ ජනතාව පරදා දේශපාලකයන් ජයග‍්‍රහණය කළ අවස්ථාවන් පමණි. මේ හේතුවෙන් අදටත් ශ‍්‍රී ලාංකික ජන සමාජය දැඩි ලෙස නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණු දෙමින් සිටීමයි. යම් රටක් දියුණුවීම සාක්ෂරතාවය අංශයෙන් දර්ශකයන්ගෙන් ඉදිරියෙන් සිටීම නොව. මුල් ළමා විය සංවර්ධනයේ සිට උස්ස අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සෑම දරුවකුටම හිමිවිය යුතුයි එනම් දරුවකු අ.පො.ස සමාන්‍ය පෙලින් හෝ අ.පො.ස උසස් පෙළින් දරුවකුගේ අධ්‍යාපනය හමාරවිය යුතු නැත. යම් දරුවකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේ වසර 4 කින් නම් පළමු පන්තියේ සිට විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවකු අධ්‍යාපනය ලබන කාලසීමාවම විශ්වවිද්‍යාල වරම් නොලබන සිසු දරුවාත් උසස් පෙළ අධ්‍යාපන වරම් නොළඹව දරුවාටත් හිමිවී පොතේ පතේ සමත්කම් නොළඹන දරුවො වෘත්තීය තාක්ෂණ නිපුණතා අංශයන්ගෙන් උසස් අධ්‍යාපන වරම් ලැබෙන අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැදුනු කළ ශ‍්‍රී ලංකාවේ රැකියා ඉල්ලමින් අරගල කරණ උපාධිධාරී නොමැති හොඳ උගත් වෘත්තීය තාක්ෂණ නිපුණත්වයක් ඇති දරුවන් බිහිවේවි යන්න මාගේ අදහසයි. එබැවින් මේ ජනාධිපතිවරණයේදීවත් තමන්ගේ අධ්‍යාපන ආර්ථික විදේශ ප‍්‍රතිපත්තීන් හෙළිකරන උගත් බුද්ධිමත් මිනිසුන් ඇසුරුකරන අයකු ගැනවත් අප සිතීමට පුරුදුවිය යුතුයි.
අපි බලමු දැන් තීරණාත්මක ජනාධිපතිවරණ සහ ජයග‍්‍රහණයන් සම්බන්ධව. මම දැන් ශ‍්‍රී ලංකාවේ 2 වන ජනාධිපතිවරණය ගැන ටිකක් කථාකරන්නම්. මම මෙතන දී පෙන්වන්නේ තීරණාත්මක අවස්ථා හේතු බලය පෙරළීම් සම්බන්ධවයි.
1988 දෙසැම්බර් මස 19 වන දින පැවති ශ‍්‍රී ලංකාවේ 02 වන ජනාධිපතිවරණය.
1මා දැන් මේ පෙන්වන්නේ මැතිවරණ කිහිපයක් පවැත් වූ අවස්ථාවන් සම්බන්ධව මැතිවරණ පැවැත්වූ දින ආශ‍්‍රිතව ග‍්‍රහ ගෝචරයන් සම්බන්ධව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ශනි රවි බුධ 11 වැන්නේ ශනි හා රවි ලග්නය දකී සදු ලග්නයේද එනම් රාජකීය ග‍්‍රහයින් දෙදනාම ලග්නය දකී. කුජ 10 වැන්නේ දිග්බල ස්වරූපයෙන් සිටි ගුරු 05 වැන්නේ සිට ලග්නය දකී. රාහු සිකුරු සමඟ 12 වැන්නේය. 05 වැන්නේ වූ ගුරුට 11 වැන්නේ ශනිගේ හා බුධගේ දෘෂ්ඨිය වැටේ. මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා ජයගන්නා අතර ඔහු විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන ලදී. එම පාලන කාලසීමාව තුළ එතුමන්ට ද නොයෙක් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. එතුමන් 1993 වර්ෂයේ දී ත‍්‍රස්ත ප‍්‍රහාරකයකින් ජීවිතය අහිමි විය.
1994 නොවැම්බර් මස 09 වන දින පැවති ශ‍්‍රී ලංකාවේ 03 වන ජනාධිපතිවරණය.
21994 මැතිවරණය පැවැත්වීමේ දී එදින ගෝචරයන් ශ‍්‍රී ලාංකික කේන්දර සටහනේ මෙසේ වේ. ශනි කුම්භ රාශීගතව සිටි අතර කුජ 06 වැන්නේ කටක රාශියේය. සඳු 12 වැන්න වු මකර රාශියේය. ශුක‍්‍ර ගුරු බුද රවි රාහු භාග්‍යස්ථානයේය. මෙම මැතිවරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉතා ඉහළින් ජය ලබන අතර එතුමිය නැවත වරක් 1999 වර්ෂයේ දී ජයග‍්‍රහණය ලබා ගත්හ. මේ කේන්ද්‍රයේ ග‍්‍රහයින් 05 දෙනකු 9 වැන්නේය. ශනි ලග්නයේ බලවත්ව සිටී. රාජකීය ග‍්‍රහයින් දෙදෙනාගෙන් කිසියකු මේ අවස්ථාවේ දී ලග්නය නොදකී. ගුරු තුලාවේය 6 වැන්නේ වූ කුජ 9 දකී මෙම මැතිවරණය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානය ජයගත්තේය.
2005 නොවැම්බර් මස 17 වන දින පැවති ශ‍්‍රී ලංකාවේ 05 වන ජනාධිපතිවරණය.
3මෙම මැතිවරණය ද ඉතාම සුවිශේෂී මැතිවරණයකි. ශනි 06 වැන්නේ කටකයේද ගුරු 09 වැන්නේ තුලාවේ ද රවි බුධ 10 වැන්නේද සිටියදී සඳු 4 වැන්නේ ගෝචර වෙමින් සිටී. එසේම රාහු 02 වැන්නේය. කුජ 03 වැන්නේ මේෂ රාශියේය. ගුරු 03 වැන්නේ වූ කුජගේ පූර්ණ දෘෂ්ඨියට ලක්වේ. 09 වැන්න 11 අතර ඉතා බලවත් පරිවර්තන යෝගයකි. මෙම ගෝචරයත් සමග ජනාධිපතිවරණය ජය ගන්නා මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා දෙකකදී ජනාධිපති ධුරය හෙබවා ඇත. එසේම මේ රටට වෙළාගෙන තිබූ රුදුරු ත‍්‍රස්තවාදයෙන් රට බේරාගැනීම සඳහා නායකත්වය දෙනු ලැබීය. ඉතාම තීරණාත්මක මැතිවරණයක් වූ මෙම මැතිවරණය තුළ ඉතා දරුණු ගණයේ දේශපාලන ගැටුම් ඇතිවිය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඉතා තියුණු ජයක් ලැබීය.
2015 ජනවාරී මස 08 වන දින පැවැති ශ‍්‍රී ලංකාවේ 07 වන ජනාධිපතිවරණය.
42015 ජනවාරි 08 වැනිදා ග‍්‍රහ ගෝචරය අනුව සිදුව ඇති අකාරය දෙස බලන්න සඳු ගුරු 06 වැන්නේය. කුජ ලග්න ගත වූ අතර ශනි 10 වැන්නේය 10 01 අතර පරිවර්ථන යෝගයකි. ගුරු 06 වැන්නේ බලත්ව සිටී. රාහු 06වැන්නේය. මෙම මැතිවරණය වන විට ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප‍්‍රධාන අරමුණ වූයේ යම් පවුලක් පරාජය කිරීම පමණක් ඔවුන්ගේ ප‍්‍රතිපත්තියක් කරගැනීමයි. එයින් සිදුවී ඇති දෙය ඔබට වැටහෙනවා ඇත. සෑම අවස්ථාවකම මේ ප‍්‍රධානම ග‍්‍රහයින් දෙදෙනා පමණක් නොව වාමාංශික එනම් වමේ පක්ෂයක් රටේ නායකත්වයට පැමිණෙන විට එක් ග‍්‍රහයෙක් සිය කාර්යය මැනවින් ඉටු කළද. මේ අවස්ථාවේ දී දුබලව සිටී. මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය විසින් ඉදිරිපත්කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළේය.
2019නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකාවේ 08 වන ජනාධිපතිවරණය.
5අපි දැන් බලමු ඉදිරි නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණ දිනයේ ගෝචරයන් කෙසේද යන්න. මෙදින ලග්නාධිපති ශනි 11 වැන්නනේ ධනු රාශියේ ගරු සමඟ සංයෝගව සිටී. එසේම 05 වැන්නේ සඳුදා 11 වැන්නේ වූ ශනි ගුරු 07 වැන්නේ දෘෂ්ඨියට ලක්වේ. එසේම 05 වැන්නේ වූ රාහු සඳු සංයෝගය හේතුවෙන් ද ශනි ගේ ගුරුගේ දෘෂ්ඨිය යනු කරුණු හේතුවෙන් මෙම තත්කාල කේන්ද්‍රය අනුව මිනිසුන් බොහෝ දෙනෙක් ඡුන්දපළ වෙත යෑමට ඉතා උනන්දුවක් දක්වති. එසේම මේ කාල සීමාව තුළ මිනිසුන් කල්පනාකාරීව ජීවත් විය යුතුයි. බොරුව සමාජගත වේ. ඇස් රැවටෙයි. කෙසේ වෙතත් මෙම මැතිවරණය වමේ බලවේග ජයග‍්‍රහණය කරවන මැතිවරණයකි. නමුත් මෙම ජයග‍්‍රහණය කිරීම උදෙසා සිංහල භූමියේ බෞද්ධ ජනතාව ඉතා විශිෂ්ට කාර්යභාරයක් කළයුතුය. එනම් මැතිවරණ දිනය උදාවන තුරු බලා නොසිට වහ වහා කුසල කර්මවල යෙදී ඒ එම සත්‍යක‍්‍රියාවේ ආනුභාවයෙන් මේ රටේ දුර්භික්ෂය නිමවේවායි අධිෂ්ඨාන කළ යුතුය. මන්ද යත් අප තථාගතයන් වහන්සේ තුන්වරක් වැඩමකළ ශ‍්‍රී සමබුද්ධදීපයම අද අකුසලෙන් තෙත්වී ඇත. බුදුන් වහන්සේගේම සද්ධර්ම දේශනාවන්ට අනුව රටේ නායකයාගේ පිරිහීම ඉර හඳ තාරකා සෘතු වෙනස්වීම දක්වාම බලපා ඇත.
බුදුරැසින් බබළන බුදුරුවක් මවාගත් සර්වඥධාතූන් වහන්සේ වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී නමින් පහළ වූ ස්ථූප වහන්සේ නමස්කාර ආනුභාවයෙන් අනුහසින් ධාර්මික පාලනයක් බිහිවේවායි ප‍්‍රාර්ථනා කරමු.