ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් හඳුන්වනු ලබන්නේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් ගොතන ලද ප‍්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ‍්‍රවලින් තොරව යැයි උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා 14 දා යාපනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කොට තිබේ.
මේ විකෘති කළ ඉතිහාසයට අනුව මේ රටේ කිසිම පුද්ගලයකුට හෝ දේශපාලනඥයකුට ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් හැඳින්වීමට කිසිදු ඉඩක් නොමැති බවද විග්නේෂ්වරන් මහතා සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.
මහාවංශය ඇතුළු ඉතිහාසය ගැන කියැවෙන බොහෝ ග‍්‍රන්ථ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් රචනා කොට ඇති අතර ඒවායෙහි සාවද්‍ය කරුණු ඇතුළත් කොට තිබීම නිසා රටේ ජනතාවද වැරදි අදහස් හා ආකල්පවලින් යුතුව ජීවත් වන බව එම නිවේදනයේ සඳහන් කොට ඇත.
ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල අතීතයේදී කිසිම සිංහල වැසියකු ජීවත් වී නොමැති බවත්, එම ප‍්‍රදේශය දෙමළ වැසියන්ගේ නිජබිමක් පමණක් බවත් විග්නේෂ්්වරන් මහතා සඳහන් කරයි.
අතීතයේදී ශ‍්‍රී ලංකාවේ වාසය කළේ දෙමළ බෞද්ධ ජනතාවක් මිස සිංහල බෞද්ධ ජනතාවක් නොවන බව පවසන උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා පසුකාලීන මෙහි ජීවත් වූ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හා චීන ජාතිකයන් කිසිදු ජාති ආගම් භේදයකින් තොරව එකා මෙන් ජීවත් වූ බවද ඔහුගේ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.