ශී‍්‍රලනිප-පොහොට්ටු සමගිය ගොඩනගන කමිටු දෙක අද රැස්වෙයි

ශී‍්‍රලනිප-පොහොට්ටු සමගිය ගොඩනගන කමිටු දෙක අද රැස්වෙයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර සමගිය ගොඩනැගීම සඳහා පත් කරන ලද කමිටු දෙකේ නියෝජිතයෝ අද (27 දා) පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී හමුවී ඒ පිළිබඳව සාකච්ඡා පවත්වති.

එම සාකච්ඡාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, උප ලේකම්වරුන් වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර යන මහත්වරු සහභාගි වෙති.

එ.ජා.ප. විරෝධී සියලූ බලවේග ඒකරාශී කර ජනාධිපතිවරණයට මුහුණ දීම ජාතික අවශ්‍යතාවක් ලෙස පිළිගනිමින් ඒ අරමුණ මෙම සාකච්ඡුාවලින් ඉටුකර ගැනීමට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් තිබෙන බව මේ පිළිබඳව කළ විමසුමකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කර අවසන් බැවින් ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් අද පැවැත්වෙන හමුවේදී සාකච්ඡුා කෙරෙනුයේ ජනාධිපතිවරණයේදී එකට වැඩ කිරීම, බලාපොරොත්තු වන ජයග‍්‍රහණය නිශ්චිත ලෙස තහවුරු කරගැනීම ආදී කරුණු බවත් හෙතෙම පැවසීය.

මෙයට පෙර පක්‍ෂ දෙක අතර පැවති සාකච්ඡුාවලදී ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ප‍්‍රායෝගික එකඟතාවකට පැමිණ ඇති බව පැවසූ ජී. එල්. පීරිස් මහතා පක්‍ෂ දෙකේ ප‍්‍රතිපත්ති අතර වෙනසක් නැති බවත් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද සාකච්ඡුා කෙරෙන බවත් කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ජාතික අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ හා ඒ සමග සමීපව කටයුතු කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂවල එකඟතාවෙන් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (26 දා) පැවැති මාධ්‍ය හමුවේදී පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ඍජුව සන්ධානගත විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

Share this: