තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට ජනමාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචිවල කිසිම සත්‍යතාවක් නොමැති බව උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප‍්‍රකාශ කොට තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන් සම්බන්ධයෙන් දක්වන ලද අදහසක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මේ පුවත බොහෝ මාධ්‍යවල පළවීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වූ බවද හෙතෙම කියා සිටී.
තමන්ගේ එකම දේශපාලන අරමුණ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමත් දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ලබා දීමට දේශපාලනය ඔස්සේ සටන් වැදීම පමණක් බවත් විග්නේෂ්්වරන් මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.
Share this: