මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න මැතිතුමන්ගේ
යුග මෙහෙවර
වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනය යනු රටක ආර්ථීක සංවර්ධන ඉලක්ක කරා ලඟාවීමට අත්‍යවශ්‍ය මූලික සාධකයක් ලෙස අද ලොවම පිළිගෙන තිබේ. රාජ්‍ය හෝ පෞද්ගලික කුමන අංශයක හෝ වේවා, කළමනාකරණ දැනුමෙහි සහ පරිචයෙහි දුර්වලතා තිබේ නම් සංවර්ධන ඉලක්ක කරා ලඟාවීම උගහටය. ඉහත පරමාර්ථ මුදුන්පත් කරගැනීමේ අරමුණ සහිතව මානව ප්‍රාග්ධනය සකස් කිරීමේ මහගු කාර්යභාරය රටක වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රය මත පැවරේ. අද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 15 කින් සහ මණ්ඩප 03 කින් සමන්විත වේ. එදා විද්යෝදය විශ්වවිද්‍යාලයට පමණක් සීමා වී තිබූ වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනය අද විශ්වවිද්‍යාල පද්ධතියෙහි විශ්වවිද්‍යාල 13 ක ඉතා සාර්ථක ලෙස ස්ථාපිත වී තිබේ.
මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න මැතිඳුන්ගේ යුග මෙහෙවර
ශ්‍රී ලංකාවේ වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනයෙහි මූලාරම්භක කේන්ද්‍රස්ථානය වූ විද්ේයා්දය විශ්ව විද්‍යාලයෙහි (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි) ප්‍රාරම්භක ශිෂ්‍යයකු මෙන්ම ආචාර්යවරයකු වූ මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න මැතිතුමා මෙම ෙකෂ්ත්‍රයෙහි උන්නතිය සහ ව්‍යාප්තිය උදෙසා අසමසම සේවාවක් කළ ඥානවෘද්ධ ගුණවෘද්ධ, එමෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨතමයෙකි.
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයට ආසන්න නෙලූම්දෙනිය ග්‍රාමය ජන්මභූමිය කොටගත් ජයරත්න මහතා පාසල් අධ්‍යාපනය ආරම්භ කරනු ලබනුයේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙනි. 1959 වසරේ ශ්‍රී ලංකා විදේයා්දය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව, ප්‍රථමවරට ආරම්භ කල පරිපාලන විද්‍යා පාඨමාලාව යටතේ, වසරේ හොඳම කාර්යය සාධනය සහිත ශිෂ්‍යයා ලෙස විශේෂවේදී ගෞරව උපාධියක් හිමිකර ගත්තේය. පසුව, එම විශ්වවිද්‍යාලයේම කථීකාචාර්යවරයකු වශයෙන් සේවයට බැදුණි. 1968 වසරේදී, වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයට බැඳී. එම වසරේ හොඳම සිසුන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ආර්ථීක විද්‍යා කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේය. මේ අතරතුර එම නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයෙන්ම 1971 දී රාජ්‍ය පරිපාලන විද්‍යාවේදී උපාධියක් ද ලබා ගත්තේය. 1974 දී එක්සත් ජනපදයේ හවායි විශ්වවිද්‍යාලයේ කාර්මික මනෝවිද්‍යාව පිළිබඳ පාඨමාලාවක්ද සම්පූර්ණ කළේය. පසුව එතුමාට රජරට විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද එංගලන්තයෙන් ව්‍යාපාර විද්‍යා ආචාර්ය උපාධියක් ද හිමි විය. මීට අමතරව, එතුමා අමෙරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයේද, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේද, එක්සත් ජනපදයේ හවායි විශ්වවිද්‍යාලයේද උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ඉගැන්වීමේ කටයුතු වලට සහභාගී වෙමින් ඒවායේ සංවර්ධනය සඳහා දායක වී තිබේ. තවද, දේශීය හා විදේශීය ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සඳහා පර්යේෂණ පති්‍රකා රැසක් ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කර තිබේ.
යුග මෙහෙවර
විදුදයෙන් මුල් පියවර
මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න මහතා 1974 පමණ වන තෙක්, ශ්‍රී ලංකා විද්‍යයෝදය විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් තම මෙහෙවර උපරිම ආකාරයෙන් ලබාදීමට උත්සුක විය. ලෝකයේ සිදුවන යම් අහඹු සිදුවීම් ජාතියේ වාසනාවට හේතුවන අවස්ථාද නැත්තේ නොවේ. එයට ගැලපෙන නිදසුනක් ලෙස ජයරත්න මහතාට කැලණිය විශ්වවිද්‍යාලයේ (එවකට විද්‍යාලංකාර මණ්ඩපය) ආර්ථීක විද්‍යා අධ්‍යනාංශයේ සේවය කිරීමට අවස්ථාවක් ලැබීම දැක්විය හැකිය.
කැලණි මෙහෙවර
1974 කැලණිය විද්‍යාලංකාර මණ්ඩපයට ජයරත්න මහතා මාරු කිරීමෙන් පසු එතුමාට කටයුතු කිරිමට සිදුවූයේ ආර්ථීක විද්‍යා අංශයේය. වාණිජවිද්‍යා ධාරාවෙන් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් කැලණිය විද්‍යාලංකාර මණ්ඩපයට බඳවාගෙන තිබුණත් ඔවුනට හැදෑරීමට සිදු වී තිබුණේ වාණිජ හා කළමනාකණ විද්‍යා විෂයන් නොව ශාස්ත්‍ර පීඨයේ අනෙකුත් විෂයන්ය. මෙම ප්‍රශ්නය ගැන අවධානය යොමු කොට එකල ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති වශයෙන් සේවය කළ මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න මහතාගේ නොමද සහයෝගය මත වාණිජ විද්‍යා ධාරාවෙන් විෂයන් ඉගැන්වීම සඳහා සනාථන සභාවේ අනුමැතිය අනුව වාණිජ විද්‍යා උපාධි පාඨමාලාව ආරම්භ කරන ලදී. උසස් පෙළ වාණිජ විද්‍යා විෂය ධාරාව සිංහල මාධ්‍යයෙන් හැදෑරූ 112 ක පමණ ශිෂ්‍ය කණ්ඩායමක් සහ දමිළ මාධ්‍යයෙන් 14 ක ශිෂ්‍ය කණ්ඩායමක්ද බඳවා ගන්නා ලදී. පාඨමාලාව සැලසුම් කිරිම, විෂය නිර්දේශ සකස් කිරීම, ආචාර්ය මණ්ඩල සොයාගැනීම සහ සම්බන්ධ කරගැනීම, සමස්ත කි්‍රයාවලිය අධීකෂණය කිරීම ආදී සියලූ කටයුතු ජයරත්න මහතාගේ කාර්යය ශ+රත්වය හා ෙකෂ්ත්‍රය පිළිබඳ වූ පරිනතභාවය මත නොපිරිහෙලා සිදුවිය. පාඨමාලාවේ ස්ථාපිතභාවය තහවුරු කරගැනීමේ අරමුණෙන් ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණ තෙගුණ කරගැනීමේ ප්‍රයත්නයකද නිරත විය . මේ අනුව, 1977 වසර සඳහා සිසුන් 200 කට අධික සංඛ්‍යාවක්ද, 1978 වසර සඳහා 365 කට අධික පිරිසක් ද වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගැනීමට හැකිවිය.
සියලූ අධ්‍යයන කටයුතු තාවකාලික පදනම යටතේ බඳවාගත් නවක ආචාර්යවරු කිහිප දෙනෙකුගෙන් සහ බාහිර පදනම මත සම්බන්ධ වූ පලපුරුදු කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙසේ ආරම්භ වී කෙමෙන් විකාශය වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනය, 1982 දී, ස්වාධීන අධ්‍යනාංශයක් බවටද, (වාණිජ විද්‍යා අධ්‍යනාංශය) ඉන් පසුව 1996 දී, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය බවටද පත් වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනය ආශ්චර්යමත් ලෙස දලූ මල් පුබුදමින් නැගි සිටීම බොහෝ දෙනාගේ ඊර්ෂ්‍යාවට ලක් නොවුනේද නොවේ. මේ නිසාම මතු වූ යම් ගැට`ඵකාරී තත්ත්වයන් මත, එතුමා කැලණිය හැරදා රුහුණට යන්නේ දෛවයේ සරදමට යටිසිතින් සිනාවෙමිනි.
රුහුණු ආගමනය
ජයරත්න මැතිතුමාගේ රුහුණු ආගමනය රුහුණු විශ්වවිද්‍යාලීය වාණිජ හා කළමනාකරණ අධ්‍යාපනයේ පිබිදීම සහ විකාශය ලෙස ඉතිහාස ගත වේ. 1980 දී රුහුණු විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පාඨමාලාවෙහි ස්ථාපනය හා සංවර්ධනය සඳහා අනගි මෙහෙවරක් ඉටු කරන ලදී.
කොළඹ සරසවියට නව එළියක්
ජයරත්න මැතිතුමා 1980 දශකයේ මැද භාගයේදී, කොළඹ විශ්වවිද්‍යාලයෙහි වාණිජ හා කළමනාකරණ පාඨමාලාව ආරම්භ කිරීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක නිරත විය. 1980 දශකයේ වාණිජ විද්‍යාපති :ඵගජදප- උපාධි පාඨමාලාව පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය. 1987 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය පිහිටුවීමෙහිලා නොමසුරු දායකත්වයක් දැක්වූ අතර, එහි ව්‍යාපාර පරිපාලනපති උපාධි පාඨමාලාව ඡයෘල ඵඊAල බිහිකිරීමටද මූලික විය.
රජරටට ශක්තියක්
1990 දශකයේ මුල් භාගයේදී, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සිය ව්‍යාප්ති මෙහෙවරෙහි ඊ ලඟ සන්ධිස්ථානය වූ අතර, ප්‍රාරම්භක අවස්ථාවේදී අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වූ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යකෂ තනතුර හෙබවීය. 1996 දී, රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය ආරම්භය හා සංවර්ධනය සඳහා පුරෝගාමීව කි්‍රයා කළේය. රජරට විශ්වවිද්‍යාලයෙහි පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ව්‍යාපාර පරිපාලනපති උපාධි පාඨමාලාවන් හඳුන්වාදීම හා එහි සංවර්ධනය කෙරෙහි එතුමාගේ දායකත්වය අනුපමේය වේ. මීට අමතරව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව සැලසුම් කොට ඉදිරිපත් කිරීමේ කර්තව්‍ය හා එහි සේවාවන් පවත්වා ගෙන යාම උදෙසාද, නොමසුරු දායකත්වය දක්වා ඇත.
ගුණාවෘද්ධිභාවය සහ ඥානවෘද්ධිභාවය
මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න මැතිතුමාගේ ගුණවෘද්ධිභාවය ගැන අවධානය යොමු කරන විට එතරම් දයාභරිත, පරහිතකාමී, හෘදයාංගම, මානුෂිකත්වයෙන් පිරිපුන් මිනිසකු තවත් මෙලොව සිටීදැයි සිතෙන තරමට අප්‍රමාණවූ මානව දයාවෙන් පිරුනු ලතෙත් ලයක් ඇති පරිපූර්ණ මිනිසකු බව නොකියා නොහැකිය. පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනාදී කවර යුගයකදී වුවද, සමකාලිකයන් අභිබවා යන විශිෂ්ඨ දක්ෂතා දැක්විය හැකි සුවිශේෂ වූ බුද්ධිමය හා ඥානමය ශක්තියක් නිසඟයෙන්ම පිහිටා තිබූ අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨයෙකි.
සේවා ඇඟයීම
වරප්‍රසාද සහ වරදාන පසුපස හඹා නොගියද, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ෙකෂ්ත්‍රය තුල මහාචාර්ය ඩබ්. එම්. ජයරත්න මැතිදුන් කල අනුපමේය සේවාව අගයා කෘතඥතා පූර්වක සම්මාන හා උපහාර ප්‍රදානයන් කෘතවේදී විශ්විවද්‍යාල ප්‍රජාව විසින් වරින් වර සිදු කර ඇත. 2006 දී කාැලණිය විශ්ව විද්‍යාලයීය, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් සිය 30 වන වර්ෂ පූරණය ස්මරණ උත්සවයේදී මහාචාර්ය ඩබ්. එම්. ජයරත්න මැතිඳුන්ට උපහාර දක්වන ලදී. සිය අබිමන් උපහාරය දක්වමින් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයය එතුමා ආචාර්ය උපාධියකින් පුදනු ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය ඩබ්. එම්. ජයරත්න ශාලාව නමින් ගොඩනැගිල්ලක් නම් කිරීමද, කොළඹ විශ්වවිද්‍යාලයට විශේෂ සේවාවක් ඉටු කළ පුද්ගලයන් 6 දෙනා අතුරින් එක් අයකු ලෙස මහාචාර්ය ජයරත්න මැතිඳුන් නම්කොට උපහාර දැක්වීමද අගය කළ යුතුය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කළමනාකරණ විද්‍යා සංගමය මගින් ව්‍යාපාර පරිපාලන විද්‍යාශ+රී :ෘඊA- උපාධිය පිරිනැමීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
විශ්‍රාමික දිවිය
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ධූරය හෙබ වූ ජයරත්න මැතිතුමා, 2001 වසරේදී සේවයෙන් විශ්‍රාම ලැබීය. සේවයෙන් විශ්‍රාම ගියද, එතුමාගේ ජාතික සේවාව නිමා වූයේ නැත. අද ද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියෙහි බොහෝ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවල සංවර්ධනය උදෙසා සිය දැනුම සහ අත්දැකීම් මත උපදේශීය සේවාවන් සපයමින් ශාස්ත්‍ර උන්නතියෙහි නිරතව සිටී. මේ සමඟම සිය විශ්‍රාම දිවියෙහි උපරිම ඵලදායීතාව හා ආත්ම පරිපූරණත්වය අපේකෂාවෙන් අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහා ද කැප වී සිටී.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය දෙස දැනුම් පිපාසාවෙන් පෙලෙමින් නෙත් දල්වා බලා සිටින දසදහසක් වූ අනාගත සිසු පරපුරට දැනුම, අත්දැකීම් සහ ගුණයහපත්කම් ඉගැන්වීමට තව තවත් දිගු කලක් යෙහෙන් වැජඹීමට හේතු වාසනා වේවා, නිදුක් නිරෝගී බව සමග ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අපි ඉත සිතින් පතමු.
මහාචාර්ය රංජනී දිසානායක
මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය