ශිරන්තිගෙන් FCID ප්‍රකාශයක් ගනියි

ශිරන්තිගෙන් FCID ප්‍රකාශයක් ගනියි

අද (1) ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකා සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එක්තරා‍ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මෙලෙස පැය දෙකහාමාරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

අද(01) පෙරවරුවේ පිරිසක් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරිපිටදී කළහාකාරී ලෙස හැසීරී ඇත.

‍‍ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ආරක්ෂක ස්ථානයකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: