තමන් ලබාදෙන තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට අරලියගහ මැදුරට පැමිණීමට සිදුවන්නේ නැති බවත්, යහපාලන රජය තුළ අධිකරණ නියෝග අභියෝගයට ලක්කරන්නේ නැති බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
19 වැනි සංශෝධනය ගැන උසාවිය දුන් තීන්දුව යහපාලන රජයක් ලෙස පිළිගන්නා බවත්, අපි විනිසුරුවන්ට ගල් ගහන්නේ, මඩ ගහන්නේ නැති බවත්, ඔහු පවසයි.
එකම අරමුණ දුප්පත් ජනතාවට සේවය කිරීම බවත්,තාර කට්ටෙන්, කොන්ක්‍රීට් පාරෙන් කොමිස් ගහන හැටි ගැන අපේ හිත්වල අදහසක් නැති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
Share this: