ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

19 වැනි සංශෝධනයට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (09 ) කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුණි.

තවද මෙහිදී කථානායකවරයා කියා සිටියේ එහි සඳහන් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි.

නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු යයි නිර්දේශ කරනු ලැබ ඇති වගන්ති ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි.

ඒ අනුව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් ඇමතිවරුන්ට භාර විෂයයන් වෙන් කිරීමට අගමැතිවරයාට බලය දීමට කළ යෝජනාව ඇතුළු තවත් යෝජනා අටක් ඉවත් කර ගැනීමට රජයට සිදු වන බවයි වාර්තා වේ.

තවද, අද පාර්ලිමේන්තුවේ දී 19 වන සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය ජි.එල් පීරිස් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි.

Share this: