ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක නේවාසිකාගාරයෙන් අතුරුදන් වී බව වාර්තා වේ.
මෙම ශිෂ්‍යාව ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටිය දී, මෙමෙ අතුරුදහන් වීම සිදුවී ඇති අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කර්ණාටක ප්‍රාන්තයේ මූඩ්බිඩ්‍රි නගරයේ විද්‍යාලයක මෙම ශිෂ්‍යාව අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි.
එම නේවාසිකාගාරයේ කළමනාකාරීත්වය පොලීසියට දැනුම් දී ඇතේ, නේවාසිකාගාරයේ සිටි 26 හැවිරිදි අදාළ ශිෂ්‍යාව පසුගිය 25 වන දින සිට අතුරුදන්ව ඇති බවයි.
ඇය එදින උදෑසන නේවාසිකාගාරයෙන් අධ්‍යයන කටයුතු සඳහා පිටව ගොස් ඇතත් විද්‍යාලයට පැමිණ නොමැති බව වාර්තා වේ.
තවද, අතුරුදන් වු ශිෂ්‍යාව ජුලි මස 17 වන දින නේවාසිකාරයේ පහසුකම් සම්බන්ධයෙන් විද්‍යාලයේ කළමනාකාරීත්වයට ද පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්ය.
මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යාව අතුරුදන්වීම සම්බන්ධයෙන් මූඩ්බිඩ්‍රි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.