පසුගියදා සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වු ප්‍රවෘත්තියක් වුයේ, ශ්‍රී ලාංකිකයෙන් අයි.එස්.ත්‍රස්තයන් හා එක්ව සටන් වැද මිය ගිය බවයි.
එම ශ්‍රී ලාංකිකයා ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වනවා. සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසුගිය සතියේදී මෙම ශ්‍රී ලාංකිකයා මියගිය බව සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා වී තිබූ අතර, ඔහුව අයි.එස්. සටන්කාමීන් හඳුන්වා තිබුණේ අබු සයිලානි යන නමින්.
37 හැවිරිදි මොහුගේ උපන්ගම මහනුවර – වැරැල්ලගම වන අතර ඔහුගේ බිරිඳගේ පදිංචිය කොළඹය ලෙසයි වාර්තා වන්නේ. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන කාලයේ මොහු මුස්ලිම් නාමයක් භාවිත කර තිබෙනවා.
2014 වසරේ දෙසැම්බර් මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.
Share this: