ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොචින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට උත්සාහ කරමින් සිති අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
තවද කොළඹ සිට ඉන්දියාවේ කොචින් බලා පිටත්ව ගිය අදාළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉන්දීය රේගු දෙපාර්තමේන්තුවේ බුද්ධී අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඔවුන් සිය දෙපා වල සූක්ෂම ලෙස සඟවා තිබියදී එම රත්‍රං තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව ග්‍රෑම් 200 බැගින් වූ රන් කැබලි 04ක් එහිදී ඉන්දීය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර චෙන්නායි බලා එම රත්‍රං රැගෙන යාමට සැළසුම් කර තිබූ බව සිදුකරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
Share this: