ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මාලදිවයින සමග මත්ද්‍රව්‍ය ඡාවාරමක

ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මාලදිවයින සමග මත්ද්‍රව්‍ය ඡාවාරමක

මාලදිවයින් මාධ්‍ය වාර්තා කරන අන්දමට, මාලදිවයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් ශ්‍රී ලංකාව තුළ සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ඡාවාරමක් සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි.

තවද, වසර දෙකක පමණ කාලයක සිට සිදු කර ඇති මෙහෙයුමක් මගින් මෙම ඡාවාරමට අදාළ තොරතුරු සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මාලදිවයින් පොලිසියේ අධ්‍යක්‍ෂ අහමන් සිෆාන් පවසා ඇත්තේ මාලදිවයින් ජාතිකයින් තිදෙනෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද, හෙරොයින් ග්‍රෑම් 165ක් සහ විශාල මුදල් තොගයක් ද ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති අතර,
මාලදිවයින් සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයින් තිදෙනා මහා පරිමාණ අන්දමින් වෙනත් රටවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි ද වාර්තා වේ.

පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව වැනි රටවලට ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව වාර්තාවේ.

එසේම මොවුන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර භාවිත කර වෙනත් රටවලට සංචාරය කර ඇතැයි ද අනාවරණය කර ගෙන ඇති අතර, මීට අමතරව ශ්‍රී ලංකාවේදී ගංජා ග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි මාලදිවයින් කාන්තාවක් ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Share this: