දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරිය හෙට පස්වරුවේ දිවයිනට පැමිණෙයි. සුෂ්මා ස්වරාජ් මහත්මියගේ මෙරට සංචාරයේ ප්‍රදාන අරමුණ වී ඇත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 වනදා දිවයිනට පැමිණීම සම්බන්දයෙන් එම සංචාරය පිළිබඳව මූලික සාකච්ඡා සිදුකිරීම. ඇය මෙරට රැඳී සිටින කාලය තුළ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව සදහන් වේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ ලබන 13 වනදා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත ඇති බවයි. එය 13 වනදා පස්වරුවේ දී සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා මෙරට පාර්ලිමේන්තුව අමතන පළමු ඉන්දීය අගමැතිවරයා බවට පත්වනු ඇත. ඔව්හු මෙරට රැදී සිටීමට නියමිත දින 03ක් අතර ඔහු උතුරු ප්‍රදේශයේ මෙන්ම අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල ද සංචාරය කිරිමට සැලසුම් කර තිබේ. 1987 වසරේ හිටපු අගමැතිවරයා රජීව් ගාන්ධි මහතා මෙරට සිදුකළ නිල සංචාරයෙන් පසුව ඉන්දිය අග්‍රාමාත්‍යවරයකු මෙරට නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට අගමැතිවීමට මෝදී සුදානම්
Share this: